Showing posts with label social. Show all posts
Showing posts with label social. Show all posts

Wednesday, October 4, 2017

ඩෙංගු පිළිබඳව ඔබ දැනගත යුතුම මූලික කරුණු | Basics that you must know about Dengue - 1

1. ඩෙංගු රෝගය යනු කුමක්ද?

වෛරසයක් මඟින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීරගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතුවුවහොත් එය,
  • සාමාන්‍ය සුළු උණ තත්ත්වය
  • ඩෙංගු උණ (Dengue Fever - DF)
  • ඩෙංගු රක්තපාත උණ (Dengue Haemorrhagic Fever - DHF)
  • අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්) විය හැකිය.

2. ඩෙංගු බෝවන්නේ කෙසේද?

ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් මඟින් පතුරවයි. මෙම මදුරුවන් තුලට වෛරසය ඇතුළුවන්නේ ඩෙංගු වෛරසය ශරීර ගතවූ පුද්ගලයකු දෂ්ඨ කිරීමෙනි.


3. ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?

ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ඨ කරන ඕනෑම පුද්ගලයකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක් පවතී. තවද පුද්ගලයකුගේ වයස හා ප්‍රතිශක්තිකරණය මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකිය.

4. උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?

ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්තපාත උණ (DHF) වැනි අවදානම් අවස්ථා වලටද පත්විය හැකිය. මෙම අවදානම් අවස්ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසු වේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මනින් සුව වන අතර අවදානම් අවස්ථා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවධානම් අවස්ථා ඉක්මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.

5. ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණද?

උණ සමඟ පහත රෝග ලක්ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය තිබිය හැකි බවට සැක කළ යුතුය.
  • හිසරදය හා ඇස් යට වේදනාව
  • මස් පිඬු හා සන්ධි වේදනාව
  • ඔක්කාරය හා වමනය 
  • සමෙහි රතු පැහැ ලප හට ගැනීම 
  • රුධිර වහනය තත්ත්වයන්
dengue fever symptoms
ඩෙංගු රෝග ලක්ෂණ


ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම අත්‍යවශ්‍ය වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.

6. ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?

ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමය. (උදා: ඩෙංගු රක්තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ). ඒ  සඳහා උණ සෑදී දින දෙකකට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC - Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS 1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවන් මඟින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්තපාත උණ (DHF) වෙන්කර හඳුනනාගත නොහැකිය.

7. ඩෙංගු රෝගය කිහිප වරක් සෑදිය හැකිද?

ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක් ඇත. යම් පුද්ගලයකු ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇති වන්නේ එක් ප්‍රභේදයකට පමණක් බැවින් ඔහුට නැවත අනෙකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්ථාවේ) වැඩිවේ. 

8. ඩෙංගු උණ වැළදුන විට නිවසේදී ප්‍රතිකාර කල හැකිද?

ඩෙංගු වෛරසය ශරීර ගත වන බොහෝරෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. එබවි  හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනූව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරීක්ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතු බව තීරණය කළහොත් ඒ පිළිබඳව ඉතා සැලකිළිමත් විය යුතු වේ. 

9. ඩෙංගු රක්තපාත උණ (DHF) යනු කුමක්ද?

ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇති විය හැකි අවදානම් අවස්ථාවකි. උණත් සමඟ ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැසයාමත් සමඟ ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනී වලින් පිටතට (විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදර කුහරයට) ප්ලාස්මා තරලය කාන්දු වීම සිිදු වේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3 වන දින හෝ ඊට පසුව සිදුවන අතර රුධිර පරීක්ෂා (FBC) වවල වෙනස්කම් මඟින් හඳුනාගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්මාව කාන්දු වීම මඟින් කම්පන අවස්ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවධානම් ලක්ෂණ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වේ.


- 2 වන කොටසට මෙතනින් පිවිසෙන්න.


සෞඛ්‍‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් බෙදා හැරුණු අත් පත්‍රිකාවක් ඇසුරින් සකසන ලදී. (අන්තර්ජාලය තුල ඩෙංගු පිළිබඳ සිංහලෙන් දැනුම බෙදාහැරීම සඳහා)

Saturday, June 11, 2016

සූටිං මාටිං හා මේ ආදරයයි | sutin matin and me adarayayi


මං දන්න පොඩි එකෙක් ඉන්නව. මිනිහට මේ ලඟදි ලස්සන වැඩක් වුණා. ඌ හෙන ආසයි "සූටිං මාටිං" බලන්න. මිනිහා සාමාන්‍යයෙන් ටීවි එකට ඇබ්බැහි වුණ එකෙක් නෙවේ. දවසෙම දඟලන එක තමා උගේ රාජකාරිය. හැබැයි සූටිං මාටිං එක්ක ඌට "ආත්මීය බැඳීමක්" තිබ්බා.

මං ගෙදර ඉන්න දවසට ඌ ආවොත් බේරිල්ලක් නෑ සූටිං මාටිං දාල දෙන්න කියල you tube එකෙන්. ඌ ඒකෙන් ආසම ඉන්ස්පෙක්ටර් ලකීට. "ඉන්ස්පෙක්ටර් ලකීගෙන් බේරිල යනව කියන එක කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්... !"... ඕක තමා පොරගෙ කටේම තිබ්බෙ.


කොල්ලගෙ තාත්තා රට ඉඳල ලඟදි ලංකාවට ආවා. දවසක් උදේ පාන්දරක පොඩි එකා කෑ ගහනවලු "අයි ලව් යූ ඉෂිතා" කියල. මේකා දවස් දෙක තුනක ඉඳලා උගෙ අක්කල දෙන්න්ත් එක්ක "මේ ආදරයයි" බලන්න සෙට් වෙලා... ! ඒ ටික දවසට තත්වෙ මෙච්චර දරුණු නම් හිතාගන්න පුළුවන්නෙ ඌට හැමදාම ඕක බලන්න ඉඩ හැරියොත්  තත්වෙ කොහොමට වෙයිද කියල.

ඉතින්මේ පොඩි එකාගෙ තාත්තා එදාම ටීවි එක ගලවල පෙට්ටියට දාල අල්මාරිය උඩින් තියල ඇන්ටනාව ගලවල කුණු ගොඩට විසික් කරලා. දැන් ඌට "මේ ආදරයයි" නෙමේ අර අහිංසක "සූටිං මාටිං" තියා කොටින්ම කිව්වොත් ගෙදර මොකෙකුටවත් මෙලෝ මළදානයක් බලන්න විදිහක් නෑ. ඉන්ස්පෙක්ටර් ලකීගෙ බාසාවෙන් කිව්වොත් දැන් ඒ පොඩි එකාට "සූටිං මාටිං බලන එක කරන්න අමාරු වැඩක් නවේ කරන්න බැරි වැඩක්... !"

ලොකු ලොකු කතා බලන්න යන්නැතුව ඌට ගැලපෙන අර සූටිං මාටිම බලන් සද්ද නැතුව හිටියනම් ඒ පොඩි එකා තාමත් සූටිං මාටිං බලනවා.

හැට දෙලක්ෂයක්ම මහ උන්ට, තියන දේ කාගෙන ඉන්න බැරුව ලොකු ලොකු වෙනස් කම් කොරන්න ගිහින් තිබුණු දේත් නැති කරගෙන දැන් රිඹෙන් යන්නත් බැරි තැනටම කෙළෝගත්ත එකේ, ඒ පොඩි එකාට වෙච්ච දේ මොකද්ද නේහ්... ?