1. ඩෙංගු රෝගය යනු කුමක්ද?
වෛරසයක් මඟින් ඇති කරනු ලබන රෝගයකි. ඩෙංගු වෛරසය ශරීරගත වූ අයෙකු බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වන අතර රෝග ලක්ෂණ මතුවුවහොත් එය,
- සාමාන්‍ය සුළු උණ තත්ත්වය
- ඩෙංගු උණ (Dengue Fever - DF)
- ඩෙංගු රක්තපාත උණ (Dengue Haemorrhagic Fever - DHF)
- අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්) විය හැකිය.
2. ඩෙංගු බෝවන්නේ කෙසේද?
ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් මඟින් පතුරවයි. මෙම මදුරුවන් තුලට වෛරසය ඇතුළුවන්නේ ඩෙංගු වෛරසය ශරීර ගතවූ පුද්ගලයකු දෂ්ඨ කිරීමෙනි.
3. ඩෙංගු රෝගය සෑදීමේ අවදානම ඇත්තේ කාහටද?
ආසාදිත ඩෙංගු මදුරුවකු දෂ්ඨ කරන ඕනෑම පුද්ගලයකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක් පවතී. තවද පුද්ගලයකුගේ වයස හා ප්‍රතිශක්තිකරණය මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකිය.
4. උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?
ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම රක්තපාත උණ (DHF) වැනි අවදානම් අවස්ථා වලටද පත්විය හැකිය. මෙම අවදානම් අවස්ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසු වේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මනින් සුව වන අතර අවදානම් අවස්ථා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය. එබැවින් අවධානම් අවස්ථා ඉක්මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.
5. ඔබට වැළඳී ඇත්තේ ඩෙංගු උණද?
උණ සමඟ පහත රෝග ලක්ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය තිබිය හැකි බවට සැක කළ යුතුය.
- හිසරදය හා ඇස් යට වේදනාව
- මස් පිඬු හා සන්ධි වේදනාව
- ඔක්කාරය හා වමනය
- සමෙහි රතු පැහැ ලප හට ගැනීම
- රුධිර වහනය තත්ත්වයන්
dengue fever symptoms ඩෙංගු රෝග ලක්ෂණ |
ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු වෙත යොමුවීම අත්‍යවශ්‍ය වේ. ඔබ ඩෙංගු බහුල ප්‍රදේශයක වාසය කිරීම හා අවට ඩෙංගු රෝගීන් වාර්තා වීම මේ සැකය වඩාත් තහවුරු කිරීමට හේතු වේ.
6. ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමය. (උදා: ඩෙංගු රක්තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ). ඒ සඳහා උණ සෑදී දින දෙකකට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරීක්ෂාව (FBC - Full Blood Count) වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීර ගතව ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS 1 හා ඩෙංගු ප්‍රතිදේහ පරීක්ෂාවන් මඟින් ඩෙංගු උණ (DF) හා ඩෙංගු රක්තපාත උණ (DHF) වෙන්කර හඳුනනාගත නොහැකිය.
7. ඩෙංගු රෝගය කිහිප වරක් සෑදිය හැකිද?
ඩෙංගු වෛරසයට ප්‍රභේද 4 ක් ඇත. යම් පුද්ගලයකු ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇති වන්නේ එක් ප්‍රභේදයකට පමණක් බැවින් ඔහුට නැවත අනෙකුත් ප්‍රභේද මඟින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදී එම පුද්ගලයා ඩෙංගු රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්ථාවේ) වැඩිවේ.
8. ඩෙංගු උණ වැළදුන විට නිවසේදී ප්‍රතිකාර කල හැකිද?
ඩෙංගු වෛරසය ශරීර ගත වන බොහෝරෝගීන් සාමාන්‍ය උණ තත්ත්වයක් පෙන්නුම් කරයි. එබවි හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනූව කටයුතු කිරීම වැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරීක්ෂාව කොට රෝගියා රෝහල් ගත කළ යුතු බව තීරණය කළහොත් ඒ පිළිබඳව ඉතා සැලකිළිමත් විය යුතු වේ.
9. ඩෙංගු රක්තපාත උණ (DHF) යනු කුමක්ද?
ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇති විය හැකි අවදානම් අවස්ථාවකි. උණත් සමඟ ඇතිවන අනෙකුත් රෝග ලක්ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම මුල් අවධියේ පහසු නොවේ. එහිදී උණ බැසයාමත් සමඟ ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනී වලින් පිටතට (විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදර කුහරයට) ප්ලාස්මා තරලය කාන්දු වීම සිිදු වේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3 වන දින හෝ ඊට පසුව සිදුවන අතර රුධිර පරීක්ෂා (FBC) වවල වෙනස්කම් මඟින් හඳුනාගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්මාව කාන්දු වීම මඟින් කම්පන අවස්ථාවට පත්විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත්වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවධානම් ලක්ෂණ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත් වේ.
- 2 වන කොටසට මෙතනින් පිවිසෙන්න.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් බෙදා හැරුණු අත් පත්‍රිකාවක් ඇසුරින් සකසන ලදී. (අන්තර්ජාලය තුල ඩෙංගු පිළිබඳ සිංහලෙන් දැනුම බෙදාහැරීම සඳහා)
- 2 වන කොටසට මෙතනින් පිවිසෙන්න.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් බෙදා හැරුණු අත් පත්‍රිකාවක් ඇසුරින් සකසන ලදී. (අන්තර්ජාලය තුල ඩෙංගු පිළිබඳ සිංහලෙන් දැනුම බෙදාහැරීම සඳහා)