මං දන්න පොඩි එකෙක් ඉන්නව. මිනිහට මේ ලඟදි ලස්සන වැඩක් වුණා. ඌ හෙන ආසයි "සූටිං මාටිං" බලන්න. මිනිහා සාමාන්‍යයෙන් ටීවි එකට ඇබ්බැහි වුණ එකෙක් නෙවේ. දවසෙම දඟලන එක තමා උගේ රාජකාරිය. හැබැයි සූටිං මාටිං එක්ක ඌට "ආත්මීය බැඳීමක්" තිබ්බා.
මං ගෙදර ඉන්න දවසට ඌ ආවොත් බේරිල්ලක් නෑ සූටිං මාටිං දාල දෙන්න කියල you tube එකෙන්. ඌ ඒකෙන් ආසම ඉන්ස්පෙක්ටර් ලකීට. "ඉන්ස්පෙක්ටර් ලකීගෙන් බේරිල යනව කියන එක කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක්... !"... ඕක තමා පොරගෙ කටේම තිබ්බෙ.

ඉතින්මේ පොඩි එකාගෙ තාත්තා එදාම ටීවි එක ගලවල පෙට්ටියට දාල අල්මාරිය උඩින් තියල ඇන්ටනාව ගලවල කුණු ගොඩට විසික් කරලා. දැන් ඌට "මේ ආදරයයි" නෙමේ අර අහිංසක "සූටිං මාටිං" තියා කොටින්ම කිව්වොත් ගෙදර මොකෙකුටවත් මෙලෝ මළදානයක් බලන්න විදිහක් නෑ. ඉන්ස්පෙක්ටර් ලකීගෙ බාසාවෙන් කිව්වොත් දැන් ඒ පොඩි එකාට "සූටිං මාටිං බලන එක කරන්න අමාරු වැඩක් නවේ කරන්න බැරි වැඩක්... !"
ලොකු ලොකු කතා බලන්න යන්නැතුව ඌට ගැලපෙන අර සූටිං මාටිම බලන් සද්ද නැතුව හිටියනම් ඒ පොඩි එකා තාමත් සූටිං මාටිං බලනවා.
හැට දෙලක්ෂයක්ම මහ උන්ට, තියන දේ කාගෙන ඉන්න බැරුව ලොකු ලොකු වෙනස් කම් කොරන්න ගිහින් තිබුණු දේත් නැති කරගෙන දැන් රිඹෙන් යන්නත් බැරි තැනටම කෙළෝගත්ත එකේ, ඒ පොඩි එකාට වෙච්ච දේ මොකද්ද නේහ්... ?