මේක මම ඉස්කෝලෙ යන කාලෙ වෙච්ච සිදුවීමක්. ඒ හරියටම 7 වසරෙදි. පංතිය භාර ගුරුතුමා වුණේ අංශයට ගණිතය උගන්වන ගුරුවරු දෙදෙනාගෙන් එක්කෙනෙක්, බන්දුලසිරි කියල. ආගම දහමට ටිකක් බරයි. (ඇත්තටම ගොඩක් විට වුණේ බරයි කියල පෙන්නන එක) ළමයෙක් වැරැද්දක් කළාම දඬුවම් නොකර, කරුණාවෙන් වැරැද්ද තේරුම් කරල දීල හදාගන්න පුළුවන් කියල හෙන ටෝක්ස් දීපු කෙනෙක්. (හැබැයි එහෙම හැදිච්ච එකෙක් හිටියෙම නෑ මයෙ හිතේ) හොඳ සංවිධාන හැකියාවක් තිබුණා. ඒ නිසාම ඒ අවුරුද්දෙ පිළිවෙලටම, පිරිසිදුවටම තිබුණ පංතිය තමා අපේ එක. පංතිය කණ්ඩායම් පහකට බෙදල සතියෙ දවස් පහ බාර දීල, උදේට පංතිය අතු පතු ගෑම, පිරිසිදු කිරීම, මල් පහන් පූජා කිරීම වගේ රාජකාරි පවරල දීල තිබුණා. හැමදාම උදේට එතුමා පංතියට ඇවිල්ල මුලින්ම කරන්නෙ පංතියෙ බුදු පිළිමෙ ලඟට ගිහිල්ල වඳින එක. (වඳිනව කියන්නෙත් ආයෙ... දොහොත් මුදුන් තියල එහෙම, ඇත්තටම පොඩි රඟපෑමකුත් එතන තිබ්බා) ඒට පස්සෙ පංතියෙ තත්ත්වෙ දිහ බලලා අදාල පිරිසිදු කිරීමේ කණ්ඩායමට සංසංදනාත්මක ඇගයීමක් ලබා දෙනවා. ඒ හින්දම අතුපතු ගානවට අමතරව මොකක් හරි විශේෂයක් කරන්න ළමයි උත්සහ කළා.
ඔන්න ඔය ලකුණු දා ගැනීමේ නොනවතින අරගලය නිසාම පංති කාමරයට අළුතින් එක එක දේවල් එකතු වෙන්න ගත්තා. මේ කියන්න යන මල් වාස් එකත් අන්න එහෙම ආපු එකක්. ඒ කියන්නෙ ගුරුතුමාගෙන් මාක්ස් ගන්න හිතන් මේසෙ සරසන්න එක කණ්ඩායමකින් ගෙනාපු එකක්. මල් වාස් එකක් වුණාට ඒක ටිකක් අමුතුයි. අමුතුයි කියන්නෙ සම්ප්‍රදායික මල් වාස් එකක තියෙන රවුම් හැඩයක් නෙවේ ඒකෙ තිබ්බෙ. හතරැස් මොඩර්න් ලුක් එකක්. කැටයම් එහෙම නෑ. තද නිල් පාට, ග්ලොසි ෆිනිෂ් එකක් තිබ්බෙ. ඒ අමුත්ත නිසාම අනිත් පංති වල සිසුන් වගේම බොහෝ ගුරුවරුන්ගේද කථා බහට එය ලක් වුණා.
ඉතින් ඔහොම කාලයක් ගෙවිලා ගියා. එත් එක දවසක් උදේ බලද්දි.............. ඔය මල් වාස් එකට වෙච්චි දෙයක් නෑ. හැමදාම පාසල ඇරෙන කොට පංති කාමරයේ තියෙන වටිනා කියන බඩු මුට්ටු පංතියෙ අල්මාරියට දාන වැඩේ, අල්මාරිය ලොක් කරන වැඩේ වගේ දේවල් ශිෂ්‍යයන් කිහිප දෙනෙක්ට භාරදීල තිබුණේ. ඊට ඉස්සෙල්ල දවසෙ ඔය රාජකාරි භාරව හිටපු දෙතුන් දෙනා කියපු විස්තර වලත් පරස්පර තිබ්බ. ඒ කොහොම වෙතත් කාටත් තේරුණ එකම දෙයක් තිබ්බා. ඒ තමයි වාස් එක ගල් කිරීමට වගකිවයුත්තා පංතියේම කෙනෙක් බව.
වෙච්ච සීන් එකට බන්දුලසිරි සර්ට හෙන අවුල්. ඇත්තටම ඒ අවුල තිබ්බෙ වෙන මොහොකටවත් නෙවෙයි. පංතිය ගැන තිබුණු "කීරිති නාමයට" වෙච්ච හානිය නිසා. ඒ කොහොම වෙතත් මේ සිදුවීම සම්බන්ධයෙන් යම් දෙයක් සිදුවිය යුතු බැවින්, එතුමාගේ ස්ටයිල් එකෙන් එතුමා සීන් එකට එන්ටර් වුණා.
"දරුවනි අපි හැමෝම බෞද්ධයො...
එහෙම නේද... ?
බෞද්ධයො හැටියට අපි කර්මය, කර්ම විපාක, සංසාරය වගේ දේවල් විස්වාස කරනවා...
ඒ නිසා මේ සංසාරය පුරාවට අපි කරන කුසල් අකුසල් කර්ම වල විපාක නිරතුරුව අප පසුපස හඹා එනවා... අකුසල් කර්මයක් කළාම තාවකාලික වාසියක් ඒ පුද්ගලයට ලැබෙන්න පුළුවන්...
ඒත් සංසාරෙ කවද හරි දවසක ඒ වෙනුවෙන් ඔහුට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා...
ඒක ස්වභාවධර්මයෙන්ම වෙන වැඩක්...
අපි බලෙන් දඬුවම් කරන්න අවශ්‍ය නෑ...
දැන් ඊයෙ සිදුවුණ සිදුවීම බලන්න...
ඒ අතපසු වීම සිදුවෙලා තියෙන්නෙ මේ පංතියෙම දරුවෙකු අතින් කියලයි අපට දැන් පේන්නෙ...
ඇයි මං ඒකට අතපසුවීමක් කියල කිව්වෙ... ?
මං දන්නවා මේ පංතියෙ දරුවො කවුරුවත් හොරු නෙවේ...
වැදගත් දෙමාපියන්ගෙ වැදගත් පවුල් වල දරුවො...
ඒ වෙලාවෙ ඇතිවුණු වැරදි සිතිවිල්ලක් නිසා ඒ දේ ගන්න හිතෙන්න ඇති...
නමුත් මං දන්නවා මේ වෙලාව වෙනකොට ඒ දරුව තමන්ට වුණු ඒ අතපසුවීම ගැන පසු තැවෙනවා ඇති... !
අපි කා අතිනුත් වැරදි සිදුවෙනවා...
නමුත් හරි වැරැද්ද වටහාගත් පසුව අවස්ථාවක් ලද විට ඒ වැරැද්ද නිවැරදි කරගැනීමට වෙහෙසීමයි වැදගත්...
ඉතින් අපි දරුවටත් ඒ දරුව අතින් සිද්ධවෙච්ච අතපසුවීම නිවැරදි කරගන්න අවස්ථාවක් ලබා දෙමු...
එහෙම හොඳයි නේද... ?
එහෙනම් දරුවනේ දැන් අපි විනාඩි පහක විතර කාලයක් මෛත්‍රී භාවනාව වඩමු...
ඊට පස්සෙ මං ලඟ තියෙනවා කාසියක් (ගුරුතුමා තම කලිසමේ වම් සාක්කුවට අත දමා කාසියක් ගනී... එය රුපියල් පහේ කාසියකි)
මං මේ කාසිය ඔය දරුවන්ගෙ අතින් අත යවනවා...
එතකොට ඔය දරුවො මෙන්න මේ ප්‍රාර්ථනාව කරන්න... "
"අප අතර සිටිනා යම් කිසි කෙනෙකුට ඇතිවූ අකුසල් සිතිවිල්ලක් හේතුවෙන් පංතියේ මල් වාස් එක හොරකම් කිරීමට සිත් වුණි නම්, ඔහුගේ එම අදහස වෙනස් වී හෙට උදේ වනවිට නැවත එය ගෙනැවිත් තිබූ තැනම තැබීමට කුසල් සිත් පහළ වේවා... !"
ඊට පස්සෙ ඔය කියපු විදිහටම විනාඩි පහක් භාවනා කරල, අර රුපියල් පහේ කාසිය පංතියෙ ළමයින්ගෙ අතින් අත යැව්වා. අවසාන ශිෂ්‍යයට පස්සෙ නැවත වරක් කාසිය අතට ගත්තු බන්දුලසිරි ගුරුතුමා වැඳගෙනම ගිහින් පංතියෙ බුදු පිළිමෙ මල් ආසනේ මත ඒ රුපියල් පහේ කාසිය තියලා නැවත වරක් දොහොත් මුදුන් තියල වැන්දා.
'ඇත්තටම මොකක් හරි දෙයක් වෙයි...' කාගෙත් තිබ්බෙ ඒ වගේ හැඟීමක්. බන්දුලසිරි ගුරුතුමා එම හොරකම සම්බන්ධයෙන් දැක්වූ වෙනස් ප්‍රතිචාරය පිළිබඳව සියලු දෙනා තුළ පැවතියේ විශාල පැහැදීමක්... ගෞරවයක්...
ඇත්තටම සියලු දෙනාම පුදුම කරවමින් ඊලඟ දවසෙ උදේ යම් දෙයක් වී තිබුණි...
රුපියල් දෙකේ කාසි දෙකක්...
ශත පනහෙ කාසියක්...
ශත විසි පහේ කාසි දෙකක්...
මල් ආසනය මත විය...
රුපියල් පහේ කාසිය එහි නොවීය... !
එකෙක් පඬුර මාරු කරගෙන ගොසින්ය... !